අපහාස අවලාද මැද නොසැලී දේශපාලන යුතුකම ඉ‍ටුකරන මිනිසා - මහින්දානන්ද


ශ්‍රී
ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ සන්නාමයක් ලෙස මහින්දානන්ද අලුත්ගමගේ හැඳින්විය හැකිය. ඒ මන්ද  යත් මෙරට බාල මහලු කවුරුත් හඳුනන ජාතියට සැබෑ නායකත්වයක් මඟපෙන්වීමක් කළ උත්තරීතර මිනිසෙක් වන බැවිනි. අපහාස අවලාද මැද නොසැලී සිය දේශපාලන යුතුකම රටේ ජනතාව වෙනුවෙන් ඉටුකිරීමට ඔහු කිසිදා පැකිලුණේ නැත. නිසි කල නිසි තැන සිටගැනීමට ඔහුගේ දේශපාලන දුර දැක්ම තියුණු විය. එබැවින් අප රටට මෙන්ම පොදු ජනයාටද ජයග්‍රහන රැසක් මෙන්ම අවැසිම තැන ආරක්ෂාවද සලසාදීමට ඔහුට හැකි විය.

දශක ගණනාවක ඔහුගේ දේශපාලන දිවිය තුළ රටට මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයටත් නාවලපිටිය ආසනයටත් විශාල මෙහෙවරක් සිදු කළ බව නැවත නැවත නොකිව මනාය. කිසිදු සංවර්ධනයකින් තොරව අබලන් මාර්ග හා සුළු වර්ෂාවකට වුව ජලයෙන් යටවෙන නගරය අද පවතින සංවර්ධිත තත්ත්වයට පත්කළේ එතුමන්ය. ඒ ලංකාවේ සිඝ්‍රයෙන් සංවර්ධනය වන නගර අතරට එක්වෙමිනි.

  • නවීන පොලිස් හා උසාවි ගොඩනැඟිල්ල
  • අංග සම්පූර්ණ බස් නැවැතුම් පොළ
  • සුපිරි වෙළෙඳ සංකීර්ණය
  • ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, නගර සභ කාර්යාල සංකීර්ණය
  • අංග සම්පූර්ණ ජාතික රෝහල
  • කාපට් ඇතිරූ මහමාර්ග  

වැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් ඔහු නාවලපිටියට තිළිණ කරන ලද්දේ මෙතෙක් කිසිදු දේශපාලනඥයකු නොකළ අයුරිනි. නාවලපිටිය ජන හදවත් තුළ ඔහුගේ නාමය සුවිශේෂි වන්නේ එබැවිනි.   

ඉතා නොදියුණු හා ප්‍රාථමික මට්ටමේ පැවැති නාවලපිටිය රෝහල රෝගි ජනයාට සුවය සහනය ලබා දෙන අංග සම්පූර්ණ රෝහල් බවට පත්කරන ලදි.  හදිසි සත්කාර ඒකකයක් ලබාදී රෝගීන් රැසකගේ ජීවිත බේරාගැනීමට එතුමා දායක විය.  නාවලපිටියට මෙන්ම අසල පිහිටි නගර රැසකට එතුමාගේ මැදිහත් වීම තුළ සෞඛ්‍ය උපකරණ සහ ගොඩනැඟිලි ලබාදීමට හැකිවිය.

වසර ගණනාවක සිට නාවලපිටි ජනතාවට විශාල අඩුපාඩුවක්ව තිබූ පානීය ජල ගැටළුවට විසදුම් ලබා දීමට මහින්දානන්ද අලුගමයන් මැදිහත් විය. එහි ප්‍රතිඵල ලෙස නව ජල යෝජනා ක්‍රම කිහිපයක් නාවලපිටිය නගරයට තිළිණ විය. නාවලපිටිය ජල යෝජනා ක්‍රමය,  උලපනේ ඇත්ගාල  ජල යෝජනා ක්‍රමය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.

2000 වර්ෂය වන විටත් නාවලපිටිය ආසනයේ විදුලිය සැපයුම 30% පමණ පැවැතියේය.  මෙම ගැටළුවටත් එතුමන්ගේ අවධානය යොමු විය. එහි ප්‍රතිඵල ලෙස වැඩි පිරිසකට විදුලිය ලබාල ගැනීමට හැකියාව සැලසුණි. විදුලිබල හා බලශක්ති අමාත්‍යධුර වල සේවය කළ ඔහු විටෙක බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ.

අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ  අවධානය යොමු කර නාවලපිටිය අධ්‍යාපන කලාපය අනෙකුත් කළාප අතර ඉදිරියට රැගෙන යෑමට ඔහු දායක විය. කුරුඳුවත්ත රාජකීය විද්‍යාලය ආරම්භ කිරීම එයට එක් උදාහරණයකි. බුද්ධිමතුන්, ඉහළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් අනාගත දේශයට උරුම කරලීම ඔහුගේ සිහිනය විය.

ආගමික සංහිඳියාව වෙනුවෙන් කවදත් පෙනි සිටි ඔහු, සියළු වර්ගවල ජනතාව හට තම සංස්කෘතික අනන්‍යතාවයන් රැකගෙන විවිධත්වය තුළ එක්සත්භාවයට මඟ පෙන්වීය.

ප්‍රදේශයේ තරුණ තරුණියන් හට රජයේ රැකියා ලබාදීම තුළ ඔවුන් ශ්‍රම හමුදාවට එක් කරගැනීමටද මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පියවර ගත්තේය. ඛනිජතෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, වරාය, ජල සම්පාදන මණ්ඩලය, සෞඛ්‍ය, ප්‍රවාහනඅධිකර, බන්ධනාගාර, ගුවන් තොටුපල ආදි ඉහළ වැටුප් සහිත ආයතන වල රැකියා අවස්ථා ප්‍රදේශයේ ජනතාව හට උරුම කර දීමට හැකියාව ඔහුට ලැබීණී.

වෘත්තිය පුහුණුව සඳහා තරුණ තරුණියන් යොමු කිරීමද එතුමන්ගේ දූරදර්ශි ක්‍රියාත්මක වීම් තුළ තිබිණි. තරුණ සේවා සභා, ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ මධ්‍යස්ථාන,  වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ මෙම පුහුණුවීම් සිදු කෙරිණි.

ජනයාගේ මූලික අවශ්‍යතා අතර ප්‍රධාන වන නිවාස ගැටළුවටද ඔහු පිළිතුරු සපයා තිබේ. ඒ අනුව නිවාස විශාල ප්‍රමණයක් සහ ඉඩම් ලබාදීම එතුමන් අතින් සිදුවිණි.

ඉතා විශාල සේවයක් එතුමන්ගේ දේශපාලන ගමන තුළ ප්‍රදේශයට සිදුවූ බව නොරහසකි. ලෙංගතු හෘදයාංගම මිනිසෙකු ලෙස පොදුජන හදවත් දිනාගැනීමට ඔහු සමත්ය.

ලාංකීය දේශපාලනයේ පසුගිය කාල වකවානුව තුළ ඇතිවුණ ප්‍රබල හැලහැප්පීම් ඝට්ටන අතර ඔහු නියම නායකයකු ලෙස දේශයේ සුරක්ෂිතබව හා ජනතා සුබසිද්ධිය වෙනුවෙන් නිර්භිත තීරණ රැසක් ගනු ලැබිණි. රට අද පවත්නා සංහිඳියාවට ගෙන ඒමට විශාල දායකත්වයක් මෙන්ම නායකත්වයක්ද එතුමන් ලබා දුනි.

මෙවර මැතිවරණය තීරණාත්මකය. රටේ ඉදිරි ගමනට උරදිය හැකි පලපුරුදු දූරදර්ශි නායකයන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුම වේ. එහිදි ඒ සඳහා සුදුසුම නායකයා වන්නේ මහින්දානන්ද අලුත්ගමගේ බව නොරහසකි. මෙතුවක් ඔහු ජාතියට ලබාදුන් නායකත්වය ලබාදීමට මෙවරද පාර්ලිමේන්තුව තුළ මහින්දානන්ද සන්නාමය සලකුණු විය යුත්තේ එබැවිනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu