අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
හිටපු අමාත්‍යවරයා අත් අඩංගුවට ගනු ලැබූවේ නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි.
ඒ සම්බන්ධයෙන් අත ඩංගුවට ගත් අමාත්‍යවරයා ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 07 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.