එළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 14 සහ 15 යන දෙදින තුළ සුරාසල් වසා තබන බවයි සුරා බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ.
මෙම දෙදින තුළ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස කටයුතු කරන සුරාසල් හිමියන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති බව සඳහන්.
14 වෙනි දින මැතිරවරණය පවත්වන නිසා ද 15 වන දින පොහොය දිනය නිසා ද මෙසේ සුරාසල් වසා තබන බවයි පැවසෙන්නේ.