ජනප්‍රිය කොරියන් රංගන ශිල්පියෙක් ජීවිතක්ෂයට


නප්‍රිය කොරියානු රංගන ශිල්පියෙකු වන Song Jae Rim අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 39 වන වියේ පසු වූවා. 

සෝල් හි සොංඩොං දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ මහල් නිවාසයේ දී ඔහු මිය ගොස් ඇති බව පොලිසීය විසින් අනාවරණය කර ගෙන ඇති අතර ඔහුගේ මරණය නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ. 

සිද්ධිය වූ ස්ථානයේ තිබී පි‍ටු දෙකක ලිපියක්ද සොයාගෙන ඇති බව වාර්තා වනවා. 

1985 දී උපත ලද Song Jae Rim රංගනයට පිවිසියේ 2009 වසරේ දී තිරගත වූ Actresses හරහාය.  ඔහු ජනප්‍රියත්වයට පත් වූයේ 2012 විකාශය වූ The Moon Embracing the Sun  කතාමාලාව හරහාය. 

Flower Boy Ramen Shop, Inspiring Generation, Two Weeks, Goodbye Mr. Black, Bad Girls, Our Gap-soon, Surfing House, Let Me Hear Your Song, Queen Woo කතා මාලාවල කැපී පෙනෙන භූමිකාවන්වලින් රංගනයට දායක වූ ඔහු Grand Prix, The Suspect, Crazy Love, Yacha, Bait, Plop: A Man Who Lost His Business යන චිත්‍රපටවලට ද දායක වූවා. The Rose of Versailles කතා මාලාව ඔහුගේ අවසාන රංගන දායකත්වයවනවා. 

ඔහුගේ අවසන් කටයුතු නොවැම්බර් 14 වන දින සෝල් සිටි ආදාහනාගාරයේදී සිදු කෙරෙන බව සඳහන්. 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu