පොලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන අනුව කෑගල්ල - කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 27 වැනිදා කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී සොයා ගනු ලැබුවා. ඝාතනය මුලින්ම දැක ඇත්තේ නිවසේ සේවය කරන පුද්ගලයාගේ පුතා විසින්. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරියගේ ද කට සෙලෝටේප්වලින් ඔතා ඇඳ අසල බිම සිටියදී එම පුද්ගලයා විසින් සොයාගෙන තිබුණා.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අහ් අඩංගුවට පත්ව ඇත්තේ පිළියන්දල - තුන්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙක්.
මොවුන් සියළු දෙනා අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවන් බවත් බන්ධනාගාර රැඳවියෙකු විසින් ලබා දුන් තොරතුරු මත කෙම්පිටිය වලව්ව කොල්ල කෑමට ගොස් ඇති බවත් තොරතුරු වාර්තා වී තිබෙනවා.
මෙමෙ කාන්තාව පළමුව අපාරධ කල්ලි සාමාජිකයින් මෝටර් රථයක ගෙන ගොස් බෝකුන්දර වලව්ව පෙන්නවා ඇති අතර පසුව එම ඔවුන් රන්වලට පැමිණ නැවතත් ත්‍රීරෝද රථයකින් කෙම්පිටිය වලව්වට ගොස් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පරීක්ෂණවලින් සොයා ගෙන ඇත්තේ.
වලව්වේ විශාල මුදලක් ඇති බව සිතා මෙම මංකොල්ලකෑම සිදුවුව ද ඔවුන්ට සොයා ගැනීමට හැකිව තිබුණේ රුපියල් දස දහසක මුදලක් පමණක් බවත් වලව්වේ හිමිකරුගේ අත තිබූ මුදුව ගලවාගෙන ගොස් ඇති බවත් වාර්තාවල සඳහන්. පසුව එම සැකකාර කාන්තාව මෙම මුදුව විකුණා 1,65,000ක මුදලක් ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙලිව තිබෙනවා.
ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.