අද මුළු ලෝකයේම අවධානය යොමුවෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය පත්කර ගැනීනේ ඡන්ද සටන දෙසට කීවොත් එය අතිශෝක්තියක් නෙවෙයි.
ඩිමොක්රටික් පක්ශයේ අපේක්ෂිකා කමලා හැරිස් සහ රිපබ්ලිකන් පක්ශයේ අපේක්ශක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර නිර්මාණය වී තිබෙන්නෙ ඉතාමත් තියුණු තරඟයක්. මේ දෙදෙනාගෙන් කෙනෙක්ට 47වෙනි ඇමරිකානු ජනාධිපතිවරයා බවට පත්වෙන්න පුළුවන්.
1789 වර්ශයේදී ජෝර්ජ් වොශින්ටන් පලමුවන ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් පත්වෙන අතර 1797 වර්ශය දක්වා වොශින්ටන් විසින් ඇමරිකා එක්සත් ජනපද පාලනය කරනු ලබනවා.
එතැන් සිට වසර 235 තුල ජනාධිපතිවරුන් 46 දෙනෙකු විසින් එක්සත් ජනපදය පාලනයකර ඇති අතර ඒ සියළු දෙනාම අයත්වන්නේ පිරිමි පක්ශයටයි. කිසිදු කාන්තාවක් මේවන තෙක් ඇමරිකානු මුල් පුටුවට පත්වෙලා නෑ වගේම මෙයින් 45 දෙනෙකුම සුදු ජාතිකයන්.
තවත් විදිහකට කීවොත් ඇමරිකානුවන් තවමත් පසුවෙන්නෙ සුදු ජාතික පිරිමියා විසින් රට පාලනය කල යුතුයි කියන ප්රාඨමික ස්ථාවරයේ.
බැරැක් ඔබාමා කියන්නෙ මේ ස්ථාවරය වෙනස්කල එකම කළු ජාතික නායකයා විදිහට සඳහන් කරන්න පුළුවන්.
රිපබ්ලිකන් පක්ශය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් 78 වන වියේ පසුවන ධනවත් ව්‍යාපාරික පවුලකින් පැවතෙන සුදු ජාතික ආධිපත්‍ය නියෝජනය කරන ව්‍යාපාරිකයෙක්. ඔහු තේරීපත්වුනොත් වඩාත් වයස හෝ වයෝවෘද්ධම ඇමරිකානු ජනාධිපති බවට ට්‍රම්ප් පත්වෙනවා සැකයක් නැතුවම. වයස අවුරුදු 60 ක් වන කමලා හැරිස් ඉන්දියානු මවකට හා ජැමෙයිකානු පියෙකුට දාව උපදින මධ්‍යම පාන්තික කාන්තාවක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පියා ෆ්රෙඩරික් ට්‍රම්ප් නිව්යෝක් නගරයේ ඉපදුනු ඉතාම ධනවත් වගේම බලවත් ව්‍යපාරිකයෙක්.
තට්ටු නිවාස සංකීර්ණ ඉදිකරමින් දේපල වෙලඳ සමාගම් ආධිපත්‍යයක් ස්ථාපනය කරන ෆ්රෙඩරික් විවිධ දේශපාලන සම්භන්ධතා ඇති ප්‍රභූ පන්තියේ සුදු ජාතික ආධිපත්‍ය විශ්වාසකරන පුද්ගලයෙක්.
අනිත් අතින් කමලා හැරිස්ගේ මව.. ශ්‍යාමලා ගෝපාලන් අපේ අසල්වැසි ඉන්දියාවේ මදුරාසියේ උපත ලද දිලිඳු පවුලක තරුණියක්.
අධ්‍යාපනයට ඇති දක්ශකම නිසාම කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් දිනාගන්නා ශ්‍යාමලා වයස අවුරුදු 19 යේදී සැන්ෆ්රැන්සිස්කෝ නගරයට ලඟාවෙන්නෙ දෙමාපිය විරෝධය මැද තනිවම.
ඩොනල්ඩ් ට්‍රම්ප් සුඛෝපභෝගී ජීවිත රටවාකට හුරුවෙමින් අති දක්ශ ව්‍යාපාරිකයෙක් වෙන්න සිහින මවද්දි කමලා ඒ කියන්නෙ ශ්‍යාමලාගේ වැඩිමහල් දියණිය නීතිය ඉගෙන ගන්න තමන්ගෙ මුළු කාලයම යොදවනවා.
ශ්‍යාමලාගේ සැමියා ඒ කියන්නෙ කමලාගේ පියා සංක්‍රමණික ජැමෙයිකානු ජාතිකයෙක්. අපි දන්නවා ඉන්දියානුවන් කළු ජාතිකයන්ට බොහොම අකමැති බව. මේ නිසාම කමලාට සිද්ධවෙන්නෙ ඉන්දියානු සමාජයෙන් මදක් ඈත්ව කළු ජාතික සමාජයේ සාමාජිකාවක් බවට පත්වෙන්නෙ.
උඹ ඉන්දියන්ද... උඹ කළු ජාතිකයෙක්ද කියන ප්‍රශ්ණයට උත්තර දෙන්න කමලාට හැකියාවක් නෑ.
ඩොලර් මිලියන 400කට අධික මුදලක් තමන්ගෙ පියාගෙන් ලබාගන්නා ඩොනල්ඩ් තමන්ගෙ වැඩිමහල් සහෝදරයාව අභිබවා යමින් පවුලේ උරුමක්කාරයා බවට පත්වෙන්නෙ ව්‍යාපාරිකයෙක් ලෙස තම හැකියාවත් ප්‍රදර්ශණය කරමින්.
පීඩනය දරාගත නොහැකි ඩොනල්ඩ්ගේ වැඩිමහල් සහෝදරයා අධික මානසික පීඩනායට හා හෘද ආබාධයන්ට ලක්ව මිය යන්නෙ වයස අවුරුදු හතලිස් දෙකේදී.
හැමදාම උදේ හවස පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරමින් එහෙමත් නැත්තං උදේ හවස බස් එකේ පාසැලටත්.. විශ්ව විද්‍යාලයටත් යන කමලා අධ්‍යාපන ක්ශේස්ත්‍රයේ ඉහලට ගමන් කරන්නෙ දුශ්කරතා මධ්‍යයේ. සැන්ෆ්රැන්සිස්කෝ.. මොන්ට්‍රියල්.. ලොස් ඇන්ජකීස් නගරවල අධ්‍යාපනය ලබන කමලා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ඇක්ටිවිස්ට් කෙනෙක් බවට පත්වෙනවා.
ඒ කතංදර මොනවා වුනත් මේ දෙන්නාගෙන් එක්කෙනෙක් විතරයි ඇමරිකානු ජනාධිපති ධූරයට පත්වෙන්නෙ.
කමලා දුප්පත්ද.. කමලා ඉන්දියානු කාන්තාවක්ද.. වඩා උගත් කමලාද... කමලා නීතිය දන්නවද..
මේ කාරණා එකක්වත් දේශපාලනයට වැදගත් නෑ.
ඩොනල්ඩ් ධනවත්වද... ඩොනල්ඩ් බොරු කරලා අසාර්ථක වුනු ව්‍යාපාරිකයෙක්ද... ඩොනල්ඩ් එක පාරක් පැරදුනු අසාර්ථක දේශපාලකයෙක්ද.... ඩොනල්ඩ් කොයිතරම් වාරයක් ගණිකාවන් ඇසුරු කල.. දික්ක්සාද වුනු පුදගලයෙක්ද... ? මේ කිසිම දෙයක් අදාල නෑ ජනාධිපති ධූරය ලබාගන්න.
මේ දෙන්නාගෙන් කවුද වඩා හොඳින් ඡන්ද ව්‍යාපාරය කරන්නෙ.... මේ දෙන්නාගෙන් කවුද වඩා හොඳින් ඇමරිකානුවන්ගෙ ඔළුවට රිංගන්නෙ... අන්න ඒ කෙනාට පුළුවන් ජනාධිපති වෙන්න.
නමුත් ඒ සම්පූර්ණ සත්‍ය නෙවෙයි. මීට බලපාන සාධක බොහොමයක් තියනවා.
ඇමරිකානුවන්ගෙන් වැඩි දෙනා කමලා හැරිස්ට ඡ්න්දය දුන්නත් කමලාට බෑ ජනාධිපති වෙන්න.
උදාහරණයක් විදිහට 2016 වසරේ ජනාධිපතිවරණයේදි වැඩි ඡන්ද ප්‍රමාණය හෙවත් popular Votes ලබාගන්නෙ හිලරි ක්ලින්ටන්. නමුත් ජනාධිපති බවට පත්වෙන්නෙ ඇය නොවෙයි. ඒ සඳහා ඉලෙක්ටොරල් වෝට්ස් ( ElectoralVotes) හෙවත් ප්‍රාදේශීය දිස්ත්‍රික් ඡන්ද වැඩි ප්‍රමාණයක් තිබිය යුතුයි.
මේ කියන්නෙ මොකක්ද.?
ඇමරිකා එක්සත් ජනපදයට අයිති ප්‍රාන්ථ 50ක් දකින්න පුළුවන්. . මේ ප්‍රාන්ථ පනහ නියෝජනය කරමින් ඉලෙක්ටරොල් වෝට්ස් හෙවත් ප්‍රාදේශීය ඡන්ද 538 ක් තියනවා ඇමරිකා එක්සත් ජනපද තුල. මේ ඡන්ද 538 න් 270 ක් ලබාගත් පුද්ගලයා ඇමරිකානු ජනාධිපති තණතුරට පත්වෙනවා.
උදාහරණයක් විදිහට සුදු ජාතික ආධිපත්‍ය නියෝජනයකරන ටෙක්සාස් ප්රාන්ථය ඡන්ද 38ක්ට හිමිකම් ලබද්දි ලිබරල් හා වාමාංශික අදහස් ඇති කැලිෆොනියා ප්රාන්ථය ඡන්ද 55කට හිමිකම් කියනවා.
කමලා හැරිස් කැලිෆෝනියා ප්රාන්ථය දිනුවත් ටෙක්සාස් දිනන්නෙ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. මේ ප්‍රාන්ථ ඩිමොක්රටික් හා රිපබ්ලිකන් ලෙස බෙදී වෙන්වුනු පාන්ථ ලෙස හඳුන්වන්න පුළුවන්.
නමුත් .. මෙවැනි ප්‍රාන්තවලට අමතරව ස්ථිර ඡන්ද පදනමක් නැති .. නෙවාඩා.. ඇරිසෝනා.. පෙන්සිල්වේනියා.. විස්කොන්සින්.. ජෝර්ජියා.. නෝර්ත් කැරොලයිනා වැනි ප්‍රාන්ථ හඳුන්වනවා ස්වින්ග් ස්ටේට්ස් ( Swings States) විදිහට. මේ ප්‍රාන්ථවල ජනයා විටෙක ඩිමොක්රටික් .. විටෙක රිපබ්ලිකන්.
මෙන්න මේ ස්වින්ග් ස්ටේට්ස්වලින් වැඩි ප්‍රමාණයක් දිනන පුද්ගලයා ජනාධිපතිවන්නේ මෙන්න මේ අනුවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනී සිටින්නේ සුදු ජාතික ආධිපත්‍ය... පුරුශයා සමාජය පාලනයකල යුතුයි.. දෙවියන්ගේ තේරීම පිරිමියා... කාන්තාවන් අකමැතිවුනත් නැතත් මම ඔබගේ ආරක්ශයකා.. ඇමරිකාව ප්රමුඛ විය යුතුයි.. දේශ සීමා වසා දමා හෝ පාලනයකර සංක්‍රමණ සීමාකල යුතුයි.. වැඩි වැටුප්... වැඩි නිෂ්පාදන.. වැඩි ව්‍යාපාරික වාසි ඇමරිකානුවන්ට ලැබිය යුතුයි.. ගබ්සාව තහණම් වියයුතුයි වගේම.. ස්වාමි පුරුෂයා කාන්තාවගේ රැකවලා විය යුතුයි වැනි ප්‍රමුඛතා ඔස්සේ.
අනිත් කමලා හැරිස් පෙනී සිටින්නේ කාන්තාවට හා පිරිමියාට සමාන අවස්ථා ලැබිය යුතුයි.
කළු හෝ සුදු භේදය අමතක කලයුතුයි.. සාකච්ඡාව හා එකඟත්වය අනුව තීරණ ගතයුතුයි වැනි සාම්ප්‍රදායික අදහස් සඳහා.
මේ දෙදෙනා ජාත්‍යන්තරයට බලපාන්නේ කොයි ආකාරයටද.?
යුරෝපය කැමතියි කමලා හැරිස්ගේ නායකත්වයට. ඒ අනුව නේටෝ සංවිධානය හා එක්ව වැඩ කිරීම.. රුසියානුවන්ට විරුද්ධව යුක්රේණයට උදව්කිරීම... යුරෝපා සංගමය හා එක්ව ආර්ථික හා වෙළඳ ක්ශේස්ත්‍රයේ වැඩ කිරීම ආදී අවස්ථා ගැන යුරෝපය සැලකිලිමත්.
ඒ හා සමානව ඉරානය වඩා කැමති කමලා හැරිස්ගේ නායකත්වයට.
ඊට හේතුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් සෘජුවම ඉරාන විරෝධී ප්රථිපත්ත්ථි අනුගමනය කිරීමත් ඊශ්‍රායල ආධිපත්‍ය ප්‍රමුඛත්වයේ ලා සැලකීමත් ලෙස සඳහන් කරන්න පුළුවන්.
ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ පලස්තීන නිදහස් භූමියක් ගැන සිතීම අසීරුයි මෙන්ම... යුක්රේණයේ ස්වාධිනත්වය ගැනද ප්‍රශ්ණ මතුවෙනවා.
2014 වර්ශයේ අත්හිටවුනු මොස්කව් ට්‍රම්ප් ටවර් ( Moscov Trum Tower) ඉදිකිරීම ඩොනල්ඩ් ට්රම්ගේ ප්‍රමුඛතා ලයිස්තුවෙන් තවමත් ත් ගිලිහිලා නැහැ.
රුසියානුවන් ප්රම්ප්ට වැඩි මනාපයක් දක්වන්නේ යුක්රේණ විරෝධී අදහස් නිසාවෙන් විය හැකියි. 2016 වසරේ ට්‍රම්ප් ජනාධිපති බවට පත්කිරීමේ සටනේ Cambridge Analytica ඉටුකල සේවය ගැන අපි මීට පෙර කතාකලා.
චීනය වඩා සතුටුවන්නේ කමලා හැරිස්ගේ නායකත්වයටද ට්‍රම්ප්ගේ නායකත්වයටද යන්න පුරෝකථනය කරන්න අපහසුයි. මෙයින් ට්‍රම්ප් වඩාත්ම චීන විරෝධී දේශපාලකයා ලෙස නම් කරන්න පුළුවන්.
කෙසේ වෙතත්... ජපානය .. දකුණු කොරියාව... පිලිපීන දූපත්... තායිවානය වැනි ආසියානු රටවල් වැඩි කැමැත්තක් දක්වන්නේ තමන් හා සහයෝගයෙන් වැඩකරන කමලා හැරිස්ගේ ප්රජාතන්ත්රවාදී පක්ශයට බව සැකයක් නැහැ.
සී එන් එන්.. සී එන් බී සී වැනි ප්රවෘත්ති නාලිකා කමලා හැරිස් වෙනුවෙන් වෙහෙසෙද්දි ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන එලොන් මස්ක් තමන්ගේ ධනය හා මාධ්‍ය එකාධිකාරය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් යොදවන බව පැහැදිලියි.
මේ දෙදෙනාගෙන් කවුරු නායකත්වයට පත්වූවත් ශ්‍රී ලාංකිකයන්ට එයින් විශාල වෙනසක් බලාපොරොත්තු විය හැකියැයි සිතන්න අමාරුයි.
පිරිමියාද ගැහැණියද... කළුද සුදුද... මැචෝ ආක්රමණකාරී අදහස්ද... සාකච්ඡාවට විවෘත්ත සංවාදයද ආදී වශයෙන් අද ඇමරිකානු දේශපාලන පිටිය උණුසුම්.
කොමියුනිස්ට්.. වාමාංශික.. විනාශකාරී නායකත්වයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් කමලා හැරිස්ට චෝදනා කරද්දි.. මැචෝ මෑන්.. බංකොලොත් ව්‍යාපාරිකයා.. තීරණ ගන්න අපහසු වයෝවෘද්ධ මිනිසා ලෙස කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ව දකිනවා.