කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වන විට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා.
එසේම රාජාංගනය ජලාශයෙන් ද තත්පරයට ඝන අඩි 10000කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තතමේන්තුව පවසන්නේ. මේ වන විට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේ දී තවදුරටත් වැඩි කිරීමට සිදු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.
එම තත්ත්වය මත සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කලා ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපෑතමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.