ආරුගම්බේ ප්‍රහාර සැලසුම සහ ට්‍රම්ප් ඝාතන සැලසුම ගැන ඉරානයෙන් ප්‍රකාශයක්


ඩො
නල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමේ උත්සාහයට ඉරානය සම්බන්ධ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි පවසා තිබෙනවා. 

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කිරීම මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීම යන සිද්ධීන්ට චෝදනා ලැබ සිටින ෆර්හාඩ් ෂකේරි නැමැත්තාර ‍රැකවණය ලබා දෙන බවට ඇමරිකාව විසින් ඉරානයට චෝදනා කර තිබුණා. 

එම සියළු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරාන විදේශ අමාත්‍යවරයා අමරිකාවෙන් ඉල්ලා ඇත්තේ ප්‍රතිවිරුද්ධ මතදාරී රටවල් දෙක අතර විශ්වාසය ගොඩනැඟීමට කටයුතු කරන ලෙසයි. 

විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි මේ බව සඳහන් කර ඇත්තේ ඔහුඒ "ං" ගිණුමේ සටහනක් තබමින්. එම සටහනේ ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ වර්තමානයේ නව ජවනිකාවක් නිර්මාණය කරමින් තුන් වන මට්ටමේ ප්‍රහසනයක් නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් පාර්ශව උත්සහ දරමින් සිටින බවයි. එසේම ඉරානය පසුවන්නේ න්‍යෂ්ටික අවි පසුපස ගමන් කරන කාල පරිච්ඡේදයක නොවන බව ද අමාත්‍යවරා එම සටහනේ සඳහන් කර තිබෙනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu