ඉරාන ආගමික නායකයාගෙන් ඇමරිකාවට සහ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීම්


1
979 වසරේ නොවැම්බර් මස 04 වන දින ඉරාන විරෝධතාකරුවන් පිරිසක් විසින් ඇමරිකානු තානාපති කාර්යාලය අත් පත් කර ගැනීමේ 45 වන සංවත්සර සැමරුම හෙටට යෙදී තිබෙනවා. 

එයට සමගාමිව පවත්වනු ලබන උත්සවයකදී ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසා ඇත්තේ තම රටට එරෙහි ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාරයක් හිමිවනු ඇති බවයි. 

තම රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන ඇමරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත් විඳීමට සිදුවන බව අයතුල්ලා අල්කමේනි මෙහි දී පවසා තිබෙනවා. පසුගිය සතියේ දී ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරවලට නුදුරේදීම ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඔහු මෙහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu