කැනේඩියානු සයිබර් අවදානම් තක්සේරු ලැයිස්තුවට ඉන්දියාව ද ඇතුළත් කිරීමට කැනඩාව තීරණය කර තිබෙනවා.
කැනඩාව සහ ඉන්දියාව අතර හටගත් රාජ්යතාන්ත්රික අර්බුද තවත් වර්ධනය වූයේ කැනඩාවේ වාසය කළ සික් බෙදුම්වාදී නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයෙන් අනතුරුවයි. මෙවැනි තත්ත්වයක් තුළ තම රටට එරෙහිව ඉන්දීය රජයේ අනුදැනුම සහ අනුග්රාහකත්වය යටතේ පුද්ගලයින් හෝ කණ්ඩායම් ඔත්තු බලමින් සිටිය හැකි බව කැනඩාව චෝදනා කරනවා.
චීනය, රුසියාව, ඉරානය සහ උතුරු කොරියාව මීට පෙර කැනඩාව විසින් මෙම සයිබර් අවදානම් ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අතර ඉන්දියාව එම ලැයිස්තුවට ඇතුළත් කල පස්වෙනි රට වනවා.