පසුගිය වසරේ නොවැම්බර් පළමු වැනි දින සිට ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වසරක කාලයක් වෙනුවෙන් රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවනු ලැබුවා. එම කාලය පසුගිය නොවැම්බර් මස 01 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ නමුත් අදාළ බද්ද දෙසැම්බර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.
එහි ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් නිකුත් කර ඇති බව වාර්තා සඳහන්.