අල්ලස් ලබා ගත් රේගු නිලධාරින් හතරදෙනෙකුට මහාධිකරණය ලබා දුන් තීන්දුව


පං
චිකාවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 125 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනකුට කොළඹ මහාධිකරණය අද බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා. 

2015 වසරේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සැපයීම සඳහා ආනයනය කළ බස් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා මෙලෙස අල්ලස් ඉල්ලා තිබුණා.

සිරදඬුවමට අමතරව එක් විත්තිකරුවෙකුට රුපියල් මිලියන 125 බැගින්  දඩ ද නියම කර තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu