සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් සහ ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිද්ධීන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව එම අමාත්‍යාංශය පවසනවා.
කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙන් දුරකතන, වට්ස් ඇප් කිසිදු මාධ්‍යයක් භාවිතා කරමින් එවැනි මුදල් එකතු කිරීමේ හෝ ඉල්ලා සිටීමේ ක්‍රියාවක නිරත නොවන බවත්, එවැනි වංචාකරුවන්ට හසු වී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙසත්, එම වංචාකාරීන් නීතියේ රැහැනට හසුකර දීමට කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට අවධාරණය කර සිටිනවා.
මේ පිළිබඳව නීතිමය කටයුතු ද ආරම්භ කර ඇති බව එම අමාත්‍යාංශය දන්වා සිටිනවා.