අයහපත් කාලගුණය නිසා විභාග මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි සිසුන්ට දැනුම් දීමක්


වතින අයහපත් කාලගුණික තත්ත්වය මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. 

ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය හේතුවෙන් සිසුන්ට විභාග ශාලා වෙත යෑමට පවා අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ. 

එසේ ආපදාවට ලක් වූ ප්‍රදේශයන් හි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට තම විභාග මධ්‍යස්ථානය වෙත යාමට අපහසු තත්ත්වයක් පවතින්නේ නම් තමන්ට ළඟම පවතින විභාග මධ්‍යස්ථානය කරා යොමුවන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සිසුන්ට දැනුම් දී තිබෙනවා. 

එසේම විකල්ප මධ්‍යස්ථාන භාවිතා කරන්නේ නම් ඒ සඳහාද කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. 










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu