මත්පැන් නිෂ්පාදකයින් සඳහා පනවා ඇති බදු කාලවාරවල හිඟ මුදල් මෙම මස 30 වනදාට පෙර ගෙවන ලෙස දන්වමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මත්පැන් නිෂ්පාදන සමාගම් 10කට ආසන්න ප්‍රමාණයකින් රුපියල් බිලියන 8.5ක මුදලක් අය වීමට ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
අදාළ කාලසීමාව තුළ දී හිඟ මුදල් නොගෙවන සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම නිවේදනයේ සඳහන්.