පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීමට, මිනීමැරුම ඇතුළු චෝදනා ලැබසිටි ටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දුවක් දී තිබුණා.
එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අතර එය ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම අභියාචනා පිළිබඳව දීර්ඝ විභාගයක් පවත්වා තිබෙනවා. ඒ අනුව එම නඩුවට අදාළ විත්ති වාචකය කැඳවීමට පියවර ගන්නා ලෙස එම පංච පුද්ගල කමිටුව නියෝගය කර තිබෙනවා.
විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව එම විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත් එම තීරණය නීතියට පටහැනි බවත් එය බල රහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව පංච පුද්ගල කමිටුව සඳහන් කළේ මෙම නඩු විභාගයේදී මහාධිකරණය විසින් විත්තිවාචකය කැඳවිය යුතුව තිබූ බවයි.