හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීම සඳහා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා.
ඖෂධ හිගයන් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා මෙලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා.
වෛද්‍ය රමේෂ් පතිරණ, හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග සහ රොෂාන් රණසිංහ යන හිටපු අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙලෙස කැඳවා තිබෙනවා.
බාල ඖෂධ මෙරටට ගෙන්වමින් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු කැබිනට් මණ්ඩලයේ 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව තිබෙනවා. මේ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 11 වෙනිදා දැනුම් දී තිබුනු අතර එයට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියගේ අවසරය ලැබී තිබුණා.