වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කර තිබෙනවා.
කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ මෙම නඩුව නිෂ්ප්‍රභ කිරීමට මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙම නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙන අතර ඒ අනුව මෙම තීන්දුව ලබා දී තිබෙනවා.