හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ අභියාචනාව නිෂ්ප්‍රභයි, අවුරුදු 04ක සිර දඬුවම්


ල්ලස් වශයෙන්  රුපියල් 50000/- ක මුදලක් ඉල්ලා එය ලබා ගැනීමේ චෝදනාව ලැබ ඉන් වරදකරු වී වසර හතරක සිරදඬුවම් නියම වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දඬුවම අභියාචනාධිකරණය විසින් අද (05) තහවුරු කර තිබෙනවා.

කාන්තාවකට ‍රැකියාවක් ලබා දීම සඳහා මෙසේ මුදල් අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් නියම වී සිටියේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නයි.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කල අභියාචනාව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu