ඩෑන් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.
මෙම පිරිස අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසා මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
ඩෑන් ප්‍රියසාද් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ ඔහු විදේශගතව ඇති බවයි.