අධිකරණ නියෝගයක් මත පළමුවරට නිධානයක් ගොඩ ගැනීමට පියවර


ධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ ගැනීමට කටයුතු කිරීමේ පුවතක් වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයෙන් වාර්තාවනවා. 

මෙතෙක් කල් බොහෝ පිරිසක් මෙම ස්ථානයේ නිධානයක් ඇති බවට සැක කරමින් එය ලබා ගැනීමට උත්සාහා දරා ඇති අතර ඔවුන් පොලිස් භාරයට ද හසුව තිබෙනවා. දිගින් දිගටම මෙසේ සැකකරුවන් අත් අඩංගුවට පසුවන නිසා අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී  ඇත්තේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි බලන ලෙසටයි. 

ඉන්පසුව සිදු කල ස්කෑන් පරීක්ෂණවල ප්‍රතිපල මත එම ස්ථානයේ යම් කිසි දෙයක් සඟවා ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.  ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ ඊයේ (21) දින එම ස්ථානය හැරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙන අතර අද (22) දිනයේදීත් එම කෑණිම් කටයුතු සිදු කරනු ලබන බවයි පැවසෙන්නේ. 

බැකෝ යන්ත්‍ර දෙකක් දමා කැණීම් කටයුතු සිදු කරන අතර ඊයේ දිනයේ කැණීම් කිරීමේ දී විශාල වර්ෂාවක් ඇඳ හැලීම හේතුවෙන් කැණීම් කටයුතු නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ. අද දිනයේ දීත් කැණීම් කටයුතු සිදු කරන අතර අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu