කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වරයා සහ ගබඩා භාරකරුගේ වැඩ තහනම්


කො
ළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු වශයෙන් කටයුතු කල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. 

පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශනයක දී  අනාවරණය වූ කරුණු අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර අධිකාරීවරයෙකු යොදවා සිදු කරන ලද මූලික විමර්ශනයට අනුව 2024.11.04 දින සිට මෙම වැඩ තහනම පනවා තිබෙනවා. 

ප්‍රධාන ජේලර්වරයා සහ නියාමකවරයා විසින් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ජීවිතාන්ත සිරඳඩුවමක් විදින සිරකරුවකු සමඟ අනිසි සම්බන්ධතා පවත්වා  බන්ධනාගාරය වෙත රහසිගත ලෙස ජංගම දුරකථන රැගෙන විත් බන්ධනාගාර රැඳවියන්ට ලබා දී ඇති බවට මොවුන් චෝදනා ලැබ සිටිනවා. 

බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ දූෂණ ක්‍රියාවන් වලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් දැඩි විනයක් ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔවුන්ට විරුද්ධව  නීති මගින් කටයුතු කර නඩු පැවරීමටද ඉදිරියේදී කටයුතු කරනු ඇති බවත් ය. මෙවන් දූෂණ ක්‍රියාවන් වලට සම්බන්ධ  නිලධාරීන් කිහිපදෙනෙකු  මේ වන විට සේවයෙන් පහ කර ඇති බවද කොමසාරිස්වරයා දන්වා සිටිනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu