අහස වලාකුළෙන් බරවීමට හේතුව, ඉදිරි කාලගුණය ගැන අනතුරු ඇඟවීම් නිවේදන


නි
රිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය අද දින උදෑසන කාලයේ (25) මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. 

එම පද්ධතිය අද උදෑසන 8.30 පමණ වන විට ත්‍රිකුණාමලය කි.මී 600ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එය ඉදිරි පැය 24 තුළ දී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පැවතිය හැකිය. 

උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එසේම බස්නාහිර, වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවත් උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී 40-50 ක පමණ තද සුළං ද ඇති විය හැකියි. 










 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu