වයස අවුරුදු 3ක කුඩා දරුවෙකු ජීප් රථයකට යට වීමෙන් මිය ගිය පුවතක් මරදානෙන් වාර්තාවනවා.
මරදාන පොලිස් වසමේ දුම්රිය නිල නිවාස ඉදිරිපිට දී ජීප් රථයක් නිවස අසල ගාල් කිරීමට යාමෙදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
දරුවාගේ පියා විසින් ජීප් රථය පිටුපසට ගැනීමේ දී රථය පිටුපස සිටි දරුවා එම රථයටම යට වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.