11 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට බරපතල ලෙස ලිංගික අපයෝජනය සිදු කල 50 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කරනු ලැබුවා.
විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් නිර්මාණය කරන අවස්ථාවේ දී එහි කුටියක් තුලට මෙම දරුවා රැගෙන ගොස් මෙසේ අපයෝජනයට ලක් කර ඇති බවයි පරීක්ෂණවලදී වාර්තා වී ඇත්තේ.
මෙම දරුවා සිද්ධිය වූ දිනයේ දී තම මව සහ සහෝදරිය සමඟ වෙසක් කලාපයට පැමිණි සිටි අතර ඔහුට වෙසක් කූඩුවක් සාදා දෙන බවට පවසමින් සූක්ෂම ලෙස රවටාගෙන එම කුටිය තුලට රැගෙන ගොස් තිබෙනවා.
වින්දිත දරුවාගෙන් විනිසුරුවරයා කළ ප්රශ්න කිරීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙම අපරාධය හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් පාසල් යාමට නොහැකිවූ බවයි.
නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ දී වින්දිත දරුවාගෙන් විනිසුරුවරයා ප්රශ්න කර තිබෙන අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම අපරාධය හේතුවෙන් තමන්ට දීර්ඝ කාලයක් පාසල් යාමට නොහැකිවූ බවයි.
මෙම වරද සිදු කරන අවස්ථාවේ දී විත්තිකරුද එක් දරු පියෙක් වශයෙන් පසු වූ බැවින් ඔහු සිදු කල වරද සුළුවෙන් තැකිය නොහැකි බව විනිසුරුවරයා පවසා තිබෙනවා. සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 100000/-ක දඩයක් ද ගෙවන ලෙස නියම කෙරුණා.