කැබ් රථයක් සැඩපහර හසුව ගසාගෙන යෑමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවනවා.
මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ කොස්ගම පොලිස් වසමේ ඇස්වත්ත ප්රදේශයෙන්. එම ප්රදේශයේ මානකඩ මාර්ගයේ රබුකේ වත්ත අතුරු මාර්ගයේ තුම්මෝදර ඇළෙන් එගොඩ වීමට ගිය කැබ් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.
ඊයේ (05) සවස සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැබ් රථයේ රියදුරු සහ එහි හිමිකරුයි. ඔවුන් වයස අවුරුදු 27 සහ වයස අවුරුදු 69 වයස්වල පසුවන බලල්කොටුව හා කිරිබත්ගොඩ ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
කැබ් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 04 දෙනෙකු සිද්ධිය වන අවස්ථාවේ දී කැබ් රථයේ ගමන් කර තිබෙන බව සඳහන්. රථය මිටර් 50 ක් පමණ ගසාගෙන ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.