වෙන්දිසියකදී පුදුම හිතෙන මිලකට අලෙවි වුණ කෙසෙල් ගෙඩිය


මරිකාවේ නිව්යෝක් නුවර පැවති වෙන්දේසියක දී කෙසෙල් ගෙඩියක් ඩොලර් මිලියන 6.2ක මුදලකට වෙන්දේසි වී තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 180ක පමණ මුදලක් වනවා. 

නිව්යෝක් නුවර සදබි වෙන්දේසියේ දී මෙම කෙසෙල් ගෙඩිය ලංසු තබමින් මෙම මුදලට මිලට ගෙන ඇත්තේ චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයෙකු වන ජස්ටින් සන් විසින්. රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරි පත් කර ලද මෙම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කට්ලන්ගේ "කමීඩියන්" නැමති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී තිබෙනවා. 

මෙම නිර්මාණයට ඩොලර් මිලියන 1ත් 1.5ත් අතර මුදලක් ලැබෙනු ඇති බවටයි වෙන්දේසිකරුවන් අනුමාන කර තිබුණේ. 

මෙම නිර්මාණය කලාව සහ ඩිජිටල් ලෝකය අතර පාලමක් ලෙස ද සැලකෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මෙය මෙතෙක් ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ගෙඩිය ලෙස සැලකෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu