බදුල්ල බස් රථ අනතුරට හේතුව ගැන අනාවරණයක්


දුල්ල-දුන්හිද මාර්ගයේ දී අද (01) සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ට වැඩි දුර ප්‍රතිකාර අවශ්‍යනම් ඔවුන් ගුවනින් ‍රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව තුවාල ලබා සිටි සිසුන් දෙදෙනෙකු ගුවනින් බදුල්ල ශික්ෂණ රෝහලේ සිට වේරහැර පිහිටි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල වෙත රැගෙන ඒමට කටයුතු සූදානම් කර තිබුණත් අයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි වූ බවයි වාර්තා වන්නේ. 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය දක්ෂිණ මණ්ඩපයේ ප්‍රමාණ සමීක්ෂණ අධ්‍යයන අංශයේ සිසුන් පිරිසක් අධ්‍යන චාරිකාවක් සඳහා ඊයේ සූරියවැව ප්‍රදේශයෙන් පිටත්ව ගොස් තිබූ අතර ඔවු ඊයේ දිනයේ රාත්‍රිය ගත කර ඇත්තේ පස්සර, පල්ගහතැන්න අභ්‍යාස පුහුණු ස්ථානයේයි. ඉන්පසු අද උදෑසන රන්දෙණිගල ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක් සිදුකරමින් මහනුවර බලා ගමන් ආරම්භ කර ඇති අතර බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ. පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ බස් රථයේ තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව අනතුර සිදුවෙන්නට ඇති බවයි. 

බස් රථය ප්‍රපාතයට පෙරළී යාම වැළැක්වීම සඳහා රියදුරු ගත් උත්සාහයේ දී රථය පස් කණ්ඩියේ ගැටී නතර වී ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu