ඉකුත්දා බදුල්ල ප්‍රදේශයේදී මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය මින් පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් අත් හිටවූ එකක් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පසුගිය අගෝස්තු 04 වෙනි දින මෙම රියදුරු බීමත්ව බස් රථයක් පදවා යතුරු පැදියක් අනතුරට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්පසු අගෝස්තු 06 වැනිදා ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් පන්දහසක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස පහකට අත්හිටුවා තිබෙනවා.
මෙම සිද්ධියෙන් පසු එම රියදුරා විසින් තම රියදුරු බලපත්‍රය අස්ථානගත වූ බවට හිනිදුම පොලිසියේ පැමිණිල්ලක් සිදු කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඒඅනුව, බදුල්ල රිය අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු භාවිතා කර ඇත්තේ එසේ ව්‍යාජ ලෙස ලබා ගත් රියදුරු බලපත්‍රයයි.
මෙම කරුණු අනාවරණය වී ඇත්තේ අක්මීමන පොලිසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) මෝසමක් ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය එම රියදුරුගේ රියදුරු බලපත්‍රය ඔහුට මුදා නොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.
මෙම රියදුරා උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.