බදුල්ල සහ බණ්ඩාරවෙල අතර දුම්රිය ගමනාගමනය සම්පූණයෙන්ම ඇණහිට තිබෙනවා.
ඒ උඩරට දුම්රිය මාර්ගයේ උඩුවර 07 කණුව ප්රදේශයේ සිදු වූ නායයාමක් හේතුවෙන්.
දුම්රිය මාර්ගයට පස් කඩා වැටීමෙන් සම්පූර්ණයෙන්ම එම මාර්ගය අවහිර වී ඇති අතර බණ්ඩාරවෙල දෙසට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය 04ක් තවදුරටත් බදුල්ල දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බවයි පැවසෙන්නේ.
කොළඹ කොටුවේ සිටි බණ්ඩාරවෙල දක්වා ඉතා සීමිත දුම්රිය ප්රමාණයක් පමණක් ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ.