වැඩිහිටි දීමනාව ලබා දීම ඇරඹෙයි


ස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. 

ඔවුන්ගේ අස්වැසුම බැංකු ගිණුමට බැර කිරීමටයි  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබෙන්නෙ. අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් පන් ලක්ෂ එකොළොස්දහස් අසූ හය දෙනෙකු සදහා මෙලෙස ප්‍රතිලාභ ලබා දීමටයි රජය තීරණය කර තිබෙන්නේ. 

ඒ අනුව, රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව අදාළ ගිණුම්වලින් එම පුද්ගලයින්ට ලබා ගත හැකි අතර අස්වැසුම ප්‍රතිලාභී නොවන අවුරුදු 70ට වැඩි දැනටමත් එම දීමනාව ලබන අනෙකුත් වඩිහිටියන් සඳහා පෙර පරිදිම එම දීමනාව තැපැල් කාර්යාල මගින් ලබාගත හැකියි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu