මෙවර අ.පො.ස උසස්පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. විභාගය පැවැත්වීමට නියමිත කාල සීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මග හරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
විභාග කාලසීමාව තුළ දී යම් ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවුවහොත් එම බාධා මඟහරිමින් සිසුන්ට සාර්ථකව විභාගයට මුහුණ දීමට අවශ්‍ය යහපත් පරිසරයක් සකස් කිරීම මෙහි අරමුණ වනවා.
මෙම වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාත්මක කර ඇත්තේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් ඉදිරි සතිය තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්රිත අඩු පීඩන තත්ත්වයක් වර්ධන විය හැකි බවයි පුරෝකථනය කර ඇති අවස්ථාවකදීයි.
විභාග දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ පාර්ශව සම්බන්ධ කර ගනිමින් විභාගය පැවැත් වෙන කාලසීමාව තුළ ඇතිවිය හැකි බාධා කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් අදාළ අංශ වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මේ වන විටත් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
යම් සිසුවෙකුට ආපදාවක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාකාරී තත්ත්වයක් පවතී නම් පහත දුරකතන අංක ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ පිළිබඳව දැනුම් දීමට හැකි අතර හැකි ඉක්මනින් එම බාධා ඉවත්කර ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කර ගත හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක - 117
කළමනාකරණ මධ්‍යස්ථාන විශේෂ ඒකාබද්ධ හදිසි මෙහෙයුම් මැදිරි අංක - 0113 668020 / 0113 668100 / 0113668013 / 0113668010 / 076 3 117 117
විභාග දෙපාර්තමේන්තු හදිසි ඇමතුම් අංක - 1911