අප්‍රිකානු සූකර උණ සමබන්ධයෙන් පශු වෛද්‍යවරුන්ගේ අනතුරු ඇඟවීමක්


ප්‍රිකානු සූකර උණ රෝගය වැළඳී මිය ගිය සතුන් අක්‍රමවත්ලෙස බැහැරකිරීම හේතුවෙන් සූකර උණ රෝගය මෙරට තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව පශු වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවනවා.

මියගිය ඌරන් විශාල පිරිසකගේ සිරුරු මීගමු කලපු ආශ්‍රිතව සහ ඒ ආසන්නයේ ගසාගෙන යන අයුරු මේ දිනවල දක්නට ලැබෙනවා. කිසියම් පුද්ගලයෙකු විසින් මෙම සිරුරු කලපුවට හෝ හැමිල්ටන් ඇල මාර්ගයට ගෙනවිත් දමන්නට ඇතැයි ප්‍රදේශවාසීන් සැක පළකරනවා. 

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් මේ වන විට ඌරන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

පසුගිය 04 වැනිදා සිට මාස තුනක කාලයක් බල පැවැත්වෙන පරිදි අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරක ද්‍රව්‍ය අදාළ ප්‍රදේශය භාර පශු වෛද්‍ය නිලධාරියාගේ අවසරයක් නොමැතිව එම ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම තහනම් කරමින් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කෙරුණා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu