වාහන බලපත්‍ර ලබාගැනීමේ දී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට උපදෙස්


වා
හන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී පළාත් අන්තර් සබඳතාවය නොමැති වීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා. මෙය වඩාත් බලපා ඇත්තේ බස්නාහිර පළාත සඳහායි. 

ඒ අනෙක් පළාත්වල මෙම අන්තර් සබඳතාවය ක්‍රියාත්මක වුවත් බස්නාහිර පළාත සඳහා එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

බස්නාහිර පළාතේ වාහන හිමිකරුවෙකුගේ වාහනයක් මීට පෙර ලියාපදිංචි වී ඇත්තේ වෙනත් පළාතක නම් එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබා ගැනීම කාලය, ධනය, ශ්‍රමය වැයවන ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා. 

මෙම දුෂ්කරතාවය මඟ හැර ගැනීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට උපදෙස් දී ඇත්තේ බස්නාහිර පළාතද හැකි ඉක්මනින් අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu