හෙට (22) දිනයේ දී ප්‍රදේශ කිහිපයකට දහවල් 12 දක්වා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ චර්චිල් ජලාශයේ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.
ඒ අනුව, වත්තල, මාබෝල, ජා-ඇල, කටුනායක-සීදූව යන නගර සභා බල ප්‍රදේශවලට සහ වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටින්නේ.