පොලිස් නිලධරයන් සිදුකරන රාජකාරී මෙන්ම නිලධරයන්ගේ ක්රියාකාරකම් මහජනතාවට වීඩියෝගත කිරීමට හැකියාවක් ඇති බවත් එය කිසිදු නීති විරෝධී කටයුත්තක් නොවන බවත් සඳහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෙලෙස යම් පුද්ගලයෙක් පොලිස් නිලධාරීන්ගේ ක්රියාකාරකම් වීඩියෝගත කිරීමේ දී ඇතැම් නිලධාරීන් එම පුද්ගලයින්ට දෝෂාරෝපණය කිරීම, වීඩියෝගත කරන ජංගම උපකරණ පොලිස් භාරයට ගැනීම, ඇතැම් අවස්ථාවලදී එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කළ ද එසේ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නැති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.