අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාලීය දුම්රියක් දෙමටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
එසේම අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම් රියක් පයාගල දුම්රිය ස්ථානයේ දීව්කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ද ධාවනයට බාධා එල්ල වී තිබුණා. මේ වන සිට එම මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.