එකම ජාතික පාසලේ දස වසරකට වැඩි සේවා කාලයක් සහිත ගුරුවරුන්ට ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව ගුරුවරුන් 9000ක් සඳහා ඉදිරි වසරේ දී ස්ථාන මාරුවීම් ලබා දීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.
විවිධ දේශපාලන බලපෑම් හේතුවෙන් ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීම නිසා ඇතැම් පළාත් ගුරුවරුන්ට නගරාශ්‍රිත පාසැල්වලට පැමිණීමට බාධා එල්ල වී තිබුණා. ලබන වසරේ සිදුකරන ස්ථාන මාරුවීම් එවැනි කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ගුරු මාරු මණ්ඩල නිර්දේශ මත පමණක් පදනම්ව සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ඇති බවටයි වාර්තා වන්නේ.