ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වරලත් ආයතනයේ 26 වන සංවත්සරය වෙනුවෙන් පැවති තොරතුරු තාක්ෂණ ජාතික සම්මාන උළෙල අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ රාජ්‍ය සේවය විධිමත් කිරීමට සහ විනිවිදභාවය ඇති කිරීමට රාජ්‍ය සේවාව ඩිජිටල්කරණය කළ යුතු බවයි. වර්තමාන රජයට මේ සඳහා පැහැදිලි දැක්මක් ඇති බව ඇය වැඩි දුරටත් පවසා තිබෙනවා.
මේ වන විට යාපනය, මාතර සහ නැගෙනහිර පාළාත කේන්ද්‍ර කරගත් ඩිජිටල් කලාප ඇති කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ.
ඩිජිටල් අංශය සඳහා කාන්තාවන්ගේ දායකත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ඇය අවධානය යොමු කර තිබෙනවා.