පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසැල් වසා දැමීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව, ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් සහ අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 5ක් හෙට දිනයේ දී වසා තැබෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසන්නේ. එසේම කොළඹ කලාපයේ සියළුම පාසැල්වලට ද හෙට දිනයේ දී නිවාඩු ලබා දී තිබෙනවා.