අරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙසට ඇමරිකානු පුරවැසියන්ට දන්වමින් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (23) අනතුරු ඇගවීම නිවේදනය නිකුත් කරනු ලැබුවා.
එම නිවේදනය පදනම්ව තවත් රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාව සඳහා සංචාරක උපදේශන ලබා දී තිබෙනවා. බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද එරට පුරවැසියන්ට දන්වා ඇත්තේ ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බැවින් එහි සංචාරය නොකරන ලෙසටයි.
එසේම ආරුගම් බොක්ක ප්‍රදේශයේ "විදේශීය සංචාරකයින්ට පහරදීමේ තර්ජනය" සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රකාශය පදනම් කර ගනිමින් විශාල රැස්වීම්වලින් වළකින ලෙස රුසියානු තානාපති කාර්යාලය රුසියානු පුරවැසියන්ට දන්වා තිබෙනවා.