මියන්මාරයේ දැඩි ලෙස පීඩාවට පත්වන රෝහින්ග්‍යා සරණාගතයින් භයානක මුහුදු මාර්ග ඔස්සේ මැලේසියාවට හෝ ඉන්දුනීසියාවට සංක්‍රමණය වීමේ දැඩි ප්‍රවණතාවයක් මතුව තිබෙනවා. මෙසේ පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් පිරිසක් මුදා ගත් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසනවා.
එසේ ඔවුන් මුදාගෙන ඇත්තේ ඉන්දුනීසියාවේ සුමත්‍රා දූපත්වලට ආසන්න මුහුදු සිීමාවේ බෝට්ටුවක ගමන්කරමින් සිටියදීයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු 150කට වැඩි පිරිසක් මෙසේ මුදාගෙන ඇති බවයි.