පවතින වැසි සහිත කාලගුණය නිසා වැසිකිළිවල අපිරිසිදු ජලය මෙන්ම බොහෝ අපිරිසිදු දෑ ජලයට මිශ්ර වී පොළවේ පවතින නිසා මේ දිනවල දී පොළවේ වැවෙන පලා වර්ග ආහාරයට ගැනීම මේ දිනවල දී ඉතා අවදානම් බව පෝෂණ විශේෂඥයින් පවසනවා.
ගංවතුර තත්ත්වය පහව ගිය ද ගංවතුර පැවැති ප්රදේශවල පොළොවේ වැවී ඇති පලා වර්ග ආහාරයට නොගන්නා ලෙස ඔවුන් දන්වා තිබෙනවා.
ගංවතුර තත්ත්වය අවමවන තෙක් කතුරුමුරුංගා, මුරුංගා වැනි පලාවර්ග පමණක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.
එසේම අපිරිසිදු ජලය හේතුවෙන් පාචනය, අතීසාරය වැනි රෝග පැතිරී යෑමේ ඉඩකඩ ඇති බැවින් හැකි තරම් උණු කර නිවාගත් ජලය පානය කරන ලෙසටයි ඔවුන් මහජනතාවට දන්වා තිබෙන්නේ.