දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අදත් දිවයිනේ ඇතැම් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත් ගාල්ල, මාතර, මහනුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මෙම වැසි  තත්ත්වය බලපාන බවයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu