මාතර මාලිම්බඩ ප්රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කිරිමේ කම්හලක් වැටලීමට පොලීසිය සමත්ව තිබෙනවා. එම වටලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු සැක පිට ප්රශ්න කිරීම සඳහා අත ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත ඩංගුවට ගත් ප්රධාන සැකකරු 64 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු රන් ආභරණ නිෂ්පාදනයකරන මුවාවෙන් මෙලෙස ගිනි අවි නිපදවා ඇති බවටයි පැවසෙන්නේ.
ඔහුගෙන් ගිනි අවි මිලදී ගත් මිදිගම හා තොටමුණ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුද අත් අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින අතර ඔවුන් රුපියල් හතලිස්දහස බැගින් මුදල් ප්රධාන සැකකරුට ගෙවා එම ගිනි අවි මිලදී ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මීට අමතරව අදාල රිවෝල්වර සදහා යොදා ගනු ලබන පතොරම් හයක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේම ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදාගත් පෑස්සුම් යන්ත්රයක්,අඩු,කියත්,මිටි ආදී උපකරණ තොගයක් ද පොලීස් භාරයට ගෙන තිබෙනවා.