වෙළෙඳපොළේ සහල් හිඟයක් පවතින බවත් අලෙවිය සඳහා තබා ඇති සහල් අධික මිල ගණන්වලින් යුක්ත බවත් පාරිභෝගිකයින් පසුගිය කාලවකවානුවේදී දිගින් දිගටම චෝදනා එල්ල කරමින් තිබුණා. මේ තත්ත්වය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපරිකයින් ගෙන්වා සාකච්ඡාවක් ද පැවැත්වුවා.
එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට නියෝගකර ඇත්තේ පාලන මිලට සහල් අලෙවිකරන ලෙසටයි.
මේ අතර ජනාධිපතිවරයාගේ උපදෙස් මත දැනට පවතින සහල් තොග සම්බන්ධයෙන් විශේෂ සංගණනයක් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. අද (26) සහ හෙට (27) යන දෙදින තුළ දිස්ත්‍රික්ක 4ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම සංගණය සිදුවන බවයි පැවසෙන්නේ.
සඳුදා දිනය වනවිට අදාළ වාර්තා ජනාධිපතිවරයාට ඉදිරිපත්කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ.