පාස්කු ප්‍රහාරයේ ප්‍රසිද්ධ නොකළ වාර්තා අද ප්‍රසිද්ධ කරනවා ?


පා
ස්කු ප්‍රහාරය පිළිබඳව මෙතෙක් හෙළි නොකල වාර්තා දෙකක් තමන් සතුව ඇති බව පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසා සිටියා. එම වාර්තා දෙක සතියක් තුළ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් දින හතක් ඇතුළත අදාළ වාර්තා ප්‍රසිද්ධියට පත් කරන බවයි ඔහු පසුගිය 14 වන දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ. 

ඒ අනුව අද (21) උදෑසන 10 වන විට එම ප්‍රසිද්ධ නොකළ වාර්තා ප්‍රසිද්ධ කිරීමට රජයට ලබා දී තිබූ දින හතක කාලය අවසන් වන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එම වාර්තා ප්‍රසිද්ධ කර තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවධානම මග හරවා ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතින බවයි උදය ගම්මන්පිළ මහතාඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu