අද (27) අලුයම සූරියවැව - මීගහජදුර ප්රදේශයේදී පොලීසිය විසින් අන නොතකා ධාවනය කල ලොරියකට වෙඩි තබා තිබෙනවා.
මෙසේ අණ නොතකා ධාවනය කර ඇත්තේ ගවයින් ප්රවාහනය කල ලොරියකටයි. සිද්ධියෙන් එක් සැකකරුවෙකු අත අඩංගුවට ගෙන ඇති අතර තවත් අයෙක් පලාගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ලොරියේ ප්රමාණය ඉක්මවා ගවයින් ප්රවාහනය කර ඇති අතර අධික තෙරපුම නිසා ගවයින් දෙදෙනෙක් මිය ගොස් සිටි බවයි සඳහන් වන්නේ.