Ad Code - Mobile

Richmo Sms
Gossip Lanka Advertisement

සැකකාර තරුණයින්ට අමානුෂික ලෙස පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී


සුගියදා පමුණුගම බෝපිටිය ප්‍රදේශයේ දී නිවසකින් රන්මාලයක් සොරාගත්තා යැයි සැකපිට තරුණයින් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට  ගෙන තිබුණා. 

මෙම තරුණයින් දෙදෙනාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් බෝපිටිය පමුණුගම පොලීසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නිරත වූ අතර ඉන්පසු එම තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණා. 

මෙසේ මෙම සැකකාර තරුණයින්ට අමානුෂික ලෙස පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ  වැඩ තහනම් කර ඇති බවයි නවතම වාර්තා සඳහන් කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu