පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම අද (24) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී එම පෙත්සම සලකා බැලීම නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවා.
එසේම පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් ඒවා මේ මස 28 වනදාට පෙර සහ ප්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා නොවැම්බර් මස 01 වනදාට පෙර ගොනු කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්. ප්‍රියන්ත හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නීතියට පටහැනි දන්වමින්.